නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ කරන බවට කටුගස්තොට කළුගලවත්තේ පදිංචි 17 හැවිරිදි සිසුවියකට තර්ජනය කළ යුද හමුදා සෙබලෙකුව කටුගස්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මින්නේරිය යුද හමුදා කදවුරේ සේවයේ නිරතව සිටින 19 හැවිරිදි සෙබලෙකුව මෙසේ ඊයේ 14 අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සෙබලා අනුරාධපුර මිහින්තලාව පාරේ කුරුන්දන්ගම පදිංචිකරුවෙකි.
මෙම සිසුවිය හමුදා සෙබලා සමඟ මුහුණු පොත ඔස්සේ පෙම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් එහිදී ඇය විසින් වීඩියෝ සහ ඡායාරූප හුවමාරුකරගෙන ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම වීඩියෝ සහ ඡායාරූප ප්‍රසිද්ධකරන බව සඳහන් කරමින් ඇයට ඔහු තර්ජනය කර ඇති බව සඳහන්ය.
ඇය මේ ගැන පසුගිය 07 වෙනිදා පොලීසියට පැමිණිලිකර ඇත. ඒ අනුව ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.