අමෙරිකාවෙන් මෑතකදී මෙරටට ලද නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාවේ දෙවැනි අණදෙන නිලධාරියා වන කොමදොරු ආර්.සී.පී.ජේ. රාජපක්ෂ නෞකාවේ ඔහුට කැබින් එක කුළ ගෙලවැලාගෙන සියදිවි හානිකරගෙන ඇත.
නෞකාව කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ නතරකර තිබියදී ඔහු මෙසේ ගෙලවැලලාගෙන ඇති බව කොළඹ වරාය පොලීසිය කියයි.
මෙම නිලධාරියා සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.
දෙදරු පියෙක් වන මෙම නාවික හමුදා නිලධාරියාගේ බිරිඳ යුද හමුදාවේ මේජර්වරියකි.
මෙම නිලධාරියා සියදිවි හානිකර ගැනීමට හේතුවක් අනාවරණය නොවන බව පොලීසිය කියයි.