තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රියේ ඉඩම් බදුදෙන්න ආයෝජකයන් කැඳවයි

    දුම්රියේ ඉඩම් බදුදෙන්න ආයෝජකයන් කැඳවයි

    දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදුදීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ.

    ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇත.

    ලබන 24 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

    මේ යටතේ මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය හා වැල්ලවත්ත යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව ඉඩම් බදුදීමට අපේක්ෂිතයි.

    මීට අමතරව උඩරට මාර්ගයේ සංචාරක ආකර්ශනයක් ඇති පරිසර පද්ධති ආශ්‍රිත දුම්රිය ඉඩම් ද බදුදීම සඳහා අයැදුම්පත් කැඳවා තිබේ.

    කෙසේවෙතත් මෙම ඉඩම් බදුදීමේදී ව්‍යාපෘති යෝජනාවල ඵලදායිතාව, සංවර්ධන ක්‍රියාවලියට ඉන් ඇති දායකත්වය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා පවත්වාගෙන යාමට බාධාවක් නොවීම යන කරුණු සැලකිල්ලට ගනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img