තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාත්‍යන්තරයත් 'ඍණ' වෙයි කියන ආර්ථිකේ 'ධන' වෙන බව රජය කියයි

    ජාත්‍යන්තරයත් ‘ඍණ’ වෙයි කියන ආර්ථිකේ ‘ධන’ වෙන බව රජය කියයි

    මෙම වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය ධන අගයක් ගනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ පුරෝකතනයන් සිදු කළද, පසුගිය වසරේද එම පුරෝතකනයන් ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට හැකි වූ බවයි.

    මෙම වසරේද ලෝක බැංකු පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 4.2 ක අගයක් ගන්නා බව පැවසේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය මේ වසර තුළ සෘණ 3.0 ක් වනු ඇත.

    එසේම මහ බැංකු පුරෝකතනයන්ට අනුව මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 2- 3 අතර අගයක් ගනු ඇත.

    කෙසේවෙතත් සියලුදෙනා ජාතික නිෂ්පාදිතයට එකතු කරන තම තමන්ගේ ප්‍රමාණය වැඩිකර ගැනීමට අධිෂ්ථානයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා කියයි.

    ඒ අනුව මෙම වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ආර්ථික වර්ධන වේගය ධන අගයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

    ඊයේ සවස දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img