තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැයි 09 සිදුවූ මන්ත්‍රී ඝාතනය ගැන නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

    මැයි 09 සිදුවූ මන්ත්‍රී ඝාතනය ගැන නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

    හිටපු පාර්ලිමේන්තු අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා අරගලය අතරතුරදී ඝාතනය කර තිබීම සම්බන්ධ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරේ.

    මෙලෙස පත්කරන ලද ත්‍රිපුද්ගල විනිසුරුවරුන් වන්නේ සහන් යාපා බණ්ඩාර, රශ්මි සින්ගප්පුලි සහ රුවන් පතිරණයි යන අයයි.

    නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසිනි.

    පසුගිය වසරේ මැයි 09 වන දා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර නිට්ටඹුව ප්‍රදේශයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා සහ ආරක්ෂක පොලිස් නිලධාරියා ඝාතනය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img