ඌරුබොක්ක හීගොඩ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ඊයේ මහා දවාලයේ කඩාවැදුණු සන්නද්ධ සිව් දෙනෙකුගේ කණ්ඩායමක් නිවැසියන් කාමරයක දමා සිරකර රුපියල් කෝටියකට වැඩි මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් ඇත.
මෝටර් රථයකින් පැමිණි ඇති මෙම කොල්ල කල්ලිය රුපියල් ලක්ෂ 98කට අධික මුදලක් රුපියල් ලක්ෂ 03කට අධික රන් භාණ්ඩ සහ රුපියල් 17,000ක් වටිනා ජංගම දුරකථනයක් මෙසේ කොල්ලකා තිබෙන බව ඌරුබොක්ක පොලීසිය කියයි.