තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුල්හිරියේ රිය අනතුරින් මවත්- පියාත් -පුතාත් මරුට

    තුල්හිරියේ රිය අනතුරින් මවත්- පියාත් -පුතාත් මරුට

    අඹේපුස්ස – අලව්ව මාර්ගයේ තුලිහිරිය ප්‍රදේශයේදී අද අළුයම් කාලයේදී සිදුවූ රිය අනතුරකින් මවක් පියෙක් සහ දරුවෙක් මියගොස් ඇත.

    අබේපුස්ස දෙස සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබුණු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    මෙහිදී මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන්කරමින් සිටි පිරිසක බව වරකාපොල පොලීසිය කියයි.

    මෙම පිරිස රඹුක්කන පදිංචිකරුවන්ය. පියා 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. මව 39 හැවිරිදි අයෙක් බවත් ඔවුන්ගේ දරුවා අවුරුදු 13ක් වයසැති අයෙකි.

    මෙම අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් නීතීඥ අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. ටිපර් රථ රියදුරු 39 හැවිරිදි අයෙකි. පොලිසිය සඳහන්කරනු ලබන්නේ ත්‍රීරෝද රථ රියදුරුගේත් ටිපර් රථ රියදුරුගේත් නොසැලකිල්මත් හා අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට මුල්වී ඇති බවය. ත්‍රීරෝද රථය ධාවනයකර ඇත්තේ පියා විසිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img