fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තහනම් පිරමීඩාකාර බිස්නස් 8කට එරෙහිව මහබැංකුව නීති මඟට

    තහනම් පිරමීඩාකාර බිස්නස් 8කට එරෙහිව මහබැංකුව නීති මඟට

    තහනම් යෝජනා ක්‍රම භාවිත කරමින් පීරමීඩාකාර ව්‍යාපාරවල නිරත වූ සමාගම් 8කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්වලට එළැඹුණු බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

    ඒ මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව කරන ලද විමර්ශනයකට අනුවයි.

    මෙම විමර්ශන වාර්තාවලට අනුව, පහත ආයතන බැංකු පනතේ 83(ඇ) වගත්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර ඇත.

    1. Tiens Lanka Health Care (Pvt) Ltd.
    2. Best Life International (Pvt) Ltd.
    3. Global Lifestyle Lanka (Pvt) Ltd.
    4. Mark-Wo International (Pvt) Ltd.
    5. VMLInternational (Pvt) Ltd.
    6. Fast 3Cycle International (Pvt) Ltd (F3C)
    7. Sports Chain App, Sports Chain ZS Society Sri Lanka
    8. OnmaxDT

    යම් තැනැත්තෙකු 1988 අංක 30 දරන බැංකු පහතේ 83(ඇ) වගන්තියේ විධි විධාන කඩ කරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම. එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම. හෝ එවැනි යෝනා ක්‍රම කළමනා කරණය කිරීම හෝ විධාන කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

    එවැනි වරදක් සඳහා වන දඬුවම් ලෙස, වසර තුකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ සිරිදඞුවමින් සහ දඩ යන දෙකම හෝ ඇතුළත් විය හැකිය. වරද සිදු කරන ලද්දේ සිතාමතාම හෝ දැන දැනම තැතහොත් එම ක්‍රියාව මගින් වෙතත් යම් තැනැත්තෙකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක එම පුද්ගලයා අවුරුදු තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සදහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන 2ක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගී කරුවන්ගෙන් ලබාගත් බවට හෙලි වුණ හෝ හෙලි කරන ලද එකතු මුදලේ දෙගුණයක වටිනාකමිත් ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණයක් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකටද යටත් විය හැකිය.

    ඒ අනුව, නීතියෙන් දඬුවම් ලැබිය හැකි මෙවැනි ආකාරයේ ක්‍රියාකාරම් වලින් වැලකී සිටින ලෙස ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

    තවද, දැනට පිරමීඩ යෝප්නා ක්‍රම පවත්වාගෙන යුතු ලෙස පැවැත්වූ ලෙස තීරණය කර ඇති ඉහත ලැයිස්තුගත ආයතන සමග ශ්‍රී ලංකා මහ බැංකුව යම් යම් එකගතාවන්ට එළැඹී ඇති බවට සමාජයේ ඇතැම් කොටස් විසින් සිදු කරනු ලබන ප්‍රකාශයත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව, මෙසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා. බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමු කර ඇති බව ද මහබැංකුව දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.