fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරැල්ලේ දී ව්‍යාපාරිකයා ඝාතනයට ගෙනා කැබ් රිය අත්අඩංගුවට

    බොරැල්ලේ දී ව්‍යාපාරිකයා ඝාතනයට ගෙනා කැබ් රිය අත්අඩංගුවට

    ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයාට බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා ගමන් ගත් කැබ් රථය පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    මේ අතර ව්‍යාපාරිකයාගේ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සිව් දෙනකු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.

    ව්‍යාපාරිකයා ඝාතනයට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා බොරැල්ල හරස් මාර්ගය වෙත රැගෙන ගොස් තිබුණේ මෙම කැබ් රථයෙන් බව අනාවරණය වී තිබේ.

    බොරැල්ල හරස් මාර්ගයේදී කැබ් රථයෙන් බැස එතැන් සිට යතුරුපැදියකින් ඔවුන් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම අපරාධය සිදුකර ඇතැයි ද පොලීසිය කියයි.

    මෙම කැබ් රථයේ හිමිකරුවා අබේපුස්ස යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන මේජර්වරයකු බවද ඔහු කුලී පදනම මත කැබ් රථය ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට පවරා දී තිබූ බවද බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

    නාදුනන වෙඩික්කරුවකු කළ වෙඩි ප්‍රහාරයකින් කැලණිය විහාර මහා දේවී මාවතේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඉකුත්දා ඝාතනය වී තිබිණ.

    ඔහු ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකු බවද පැවසේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.