තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිස්ස විහාරයේ උත්සවයට එරෙහි වූ 9ක් පොලිස් අත්අඩංගුවේ

    තිස්ස විහාරයේ උත්සවයට එරෙහි වූ 9ක් පොලිස් අත්අඩංගුවේ

    පලාලි හී පිහිටි තිස්ස බෞද්ධ විහාරස්ථානයේ ඉදිකර ඇති අඩි 100ක් උස දාගැබේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එරෙහිව
    උද්ඝෝෂණයක නිරත වූ කාන්තාවන් 04 දෙනෙක් ඇතුළු 09 දෙනෙක් පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    විරෝධතාවල නිරත නොවන ලෙස මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබියදීත් එම නියෝගය නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් 09 දෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් මහතා විසින් මෙම විරෝධතාවය මෙහෙයවා තිබේ. ඔහුගේ පුද්ගලික ලේකම් නීතීඥවරයෙක්, මාධ්‍යවේදියෙකි, ඇතුළු දෙමළ ජාතික ජනතා පෙරමුණට සම්බන්ධ 09 දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජේන්ද්‍රන් මහතා අද දිනයේත් එම ස්ථානය ආසන්නයේ පුවරුවක් අතින් ගෙන විරෝධතාවයේ නිරතනව සිටින බව පොලීසිය කියයි. ගෝලබාලයින් සමඟ ඔහුව අත්අඩංගුවට නොගත්තේ මේ දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන බැවින් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img