තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරණාගතයන් පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයක

    සරණාගතයන් පිරිසක් කොළඹ දී උද්ඝෝෂණයක

    ශ්‍රී ලංකාවේ වෙසෙන සරණාගතයන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් එම සරණාගතයින් පිරිසක් කොළඹ රොස්මිඩ් පෙදෙසේ පිහිටි සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අද පෙරවරුවේ සාමකාමී විරෝධතාවයකට නිරත වූහ.

    ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය රටවල් ඇතුළු රටවල් කිහිපයක ජීවත් වූ මෙම පිරිස වසර ගණනාවක් තිස්සේ කොළඹ සරණාගතයින් ලෙස ජීවත්වන බව ද තමන්ට ජීවත් වීමට මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට කපා අසීරු තත්ත්වයක් තිබෙන බවද මාධ්‍යයට අදහස් දක්වමින් ඔවුහු පැවසූහ.

    සරණාගතයන් ලෙස කොළඹට පැමිණෙන විට තමන්ගේ කුඩා දරු දැරියන් අද වන විට පාසල් අධ්‍යාපනය හදාරන වයසේ පසුවන නමුත් ඔවුන්ට අධ්‍යාපනයේ ලබාදීමට නොහැකි ගැටළු රැසක් මතුව තිබෙන බව ද එම සරණාගතයෝ පැවැසූහ.

    සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය තමන්ගේ ගැටලු අවබෝධ කරගෙන මේවාට විසඳුමක් ලබාදීම ඇතැයි අපේක්ෂා කරන බවද ඔවුහු කීය.

    සරණාගත පවුල් විස්සක් පමණ මේ වන විට කොළඹ ජීවත්වන බව ද ඔවුහු පැවසූහ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img