තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බීර මත්පැන් මිල අඩුකරන්නේ නෑ

    බීර මත්පැන් මිල අඩුකරන්නේ නෑ

    බීර සහ මත්පැන් මිල පහළ දැමීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    2023 දී මිල වැඩිකිරීමත් සමඟ මෙරට සුරා භාවිතය අඩුවී ඇති බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් කීය.

    අමාත්‍යවරයා එහීදී මෙසේද පැවසීය.

    “මේ අවුරුද්දේ මේ මාස කිහිපය තුළ සියයට 30ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා. මේක අඩුවීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩුවීම යොමුවෙන්නේ නිත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ. මේ රටේ රෝගීන් බිහිකරන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. නමුත් අපිට මිල අඩුකරන්න බෑ.

    මම දැක්කා පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියා සුරා මිල අඩුකරන්න රජය සූදානම් කියලා. නෑ අපිට අඩුකරන්න බෑ. අපි බැඳිලා ඉන්නවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතුයි කියන නියමයක් තියෙනවා. නැත්නම් මේ අනිත් භාණ්ඩ ඉහළ මිලක තියෙද්දී සුරාව අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ.”

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img