තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෙට ලෙඩවෙයි

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හෙට ලෙඩවෙයි

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ රට පුරා දිස්ත්‍රික් කාර්යාල සියල්ලේම නිලධාරීන් එම මෙම ක්‍රියාමාර්ගයට එක්වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පැවසීය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පවතින අඩුපාඩු හා නිලධාරීන්ගේ වෘත්තිය ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් රාජ්‍ය ඇමැතිවරයා අවස්ථාවක් ලබා නොදීමට විරෝධය දක්වමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ද ඔහු කීය

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img