fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'මොඛා' සුළි කුණාටුව චණ්ඩ වෙයි - මුහුදු යන්නම එපා

    ‘මොඛා’ සුළි කුණාටුව චණ්ඩ වෙයි – මුහුදු යන්නම එපා

    ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මොඛා” සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 06 තුලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

    එය තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන්කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිනිකොනදිග බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත.

    උතුරු අක්ෂාංශ 03 – 20 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ බහුදින ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

    ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතු වල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනු ලැබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-60) දක්වා වැඩි විය හැක.

    ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට පුත්තලම, මන්නාරම, මුලතිවු සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.