බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු ගේ රාජාභිෂේකයට එක්විමට එංගලන්තය බලාගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) අලුයම මෙරටට පැමිණ තිබේ.
ජනාධිපතිවරයා සමඟ එංගලන්ත සංචාරයට එක්ව සිටි මෙරට දූත පිරිස ද ජනාධිපතිවරයා සමඟ නැවත පැමිණි බව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරියෙක් නිවුස් වේව් වෙත සඳහන් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩල රටවල නායකයන්ගේ හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 05වැනිදා ලන්ඩන් නුවර දී තෙවැනි චාල්ස් රජු හමුවි සුහඳ කතාබහක නිරත වූ අතර එම හමුවට ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එක්ව සිටියාය.