පළාත් පාලන ආයතන සීමා නිර්ණ ජාතික කමිටුවේ අවසන් වාර්තාව, මැයි මස තුන් වන සතියේ පමණ භාර දීමට අපේක්ෂා කරන බව, එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුවේ අතුරු වාර්තාවක් පසුගිය අප්‍රේල් 11 වැනිදා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබුණි.
සිය අතුරු වාර්තාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් මේ වන විට යෝජනා 400කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුව පවසයි.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එලෙස යොමු කර ඇති යෝජනා සම්බන්දයෙන් සිය නිරීක්ෂණ, කඩිනමින් අදාළ පාර්ශව වෙත යොමු කිරීමට අපේක්ෂා කරන බවයි.
පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 4,000ක් පමණ දක්වා අඩු කිරීමේ අරමුණ ඇතිව එම කමිටුව පසුගිය වසරේ පත් කෙරුණි.