තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදලට වතුර ගන්න බාගයක්ම වෙලාවට බිල් ගෙවන්නේ නෑ

    මුදලට වතුර ගන්න බාගයක්ම වෙලාවට බිල් ගෙවන්නේ නෑ

    සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 50% ක පමණ ප්‍රතිශතයක් නියමිත මාසයක කාල සීමාව තුළ සිය බිල්පත සදහා ගෙවීම් සිදුනොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ජල පාරිභෝගිකයන් මිලියන දෙකයි දශම 9 ක් පමණ සිටී.

    නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථ සදහන් කළේ මේ හේතුවෙන් මසකට අයවිය යුතු රුපියල් බිලියන 4යි දශම 5 ක මුදලෙන් බිලියන දෙකත්, දෙකයි දශම 5 ක පමණ මුදලක් පමණක් හිමිවන බවයි.

    ජල බිල්පත් සදහා හිගව මුදල් පවතින වැඩි ප්‍රතිශතයක්, ගෘහස්ථ ජල පාරිභෝගිකයන් බවද ඔහු ප්‍රකාශ කළේය.

    ජල බිල්පත හිමිවී දින 14 ක් ඇතුළත ඊට අදාළ ගෙවීම් සිදුකරන්නේ නම් එම පාරිභෝගිකයන්ට වට්ටමක් හිමි වන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථ වැඩිදුරටත් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img