තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩෙංගු පැතිරීම වේගවත් වෙයි

    ඩෙංගු පැතිරීම වේගවත් වෙයි

    මෙරට ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිරයාම සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

    එම වාර්තාව සකස් කිරීමට ජාතික ඩෙංගු  මර්දන ඒකකය ඇතුළු විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇත.

    ඩෙංගු මර්දනය සඳහා මේ වන විට ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කර තිබේ.

    වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම, අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි.  ඒ රෝගීන්   6,953 ක් ලෙසයි.

    දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img