තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජලාශත් පිරෙයි - වැස්ස අදත්

    ජලාශත් පිරෙයි – වැස්ස අදත්

    ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් අත්තනගලු ඔය, කැලණි, නිල්වලා, කළු, ගිං යන ගංඟා වල මේවන විට ඉහළ ජල මට්ටමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එසේ වුවද මේ දක්වා ලැබී ඇති වර්ෂාපතනය අනුව කිසිදු ප්‍රධාන ගංඟාවක් ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ අවදානමක් නොමැති බව එහි වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

    දිවයිනපුරා පවතින සියලුම ප්‍රධාන වාරි ජලාශ මේ වනවිට 67% ධාරිතාවකින් පිරී පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

    මේ අතර අද දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව කියයි.

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img