තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බංග්ලාදේශ ණය ගෙවන්න සහන කාලයක් - අමතර පොලියකුත්!

    බංග්ලාදේශ ණය ගෙවන්න සහන කාලයක් – අමතර පොලියකුත්!

    බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබූ ඩොලර් මිලියන 200 ක ණය ආපසු ගෙවීමේ කාලය තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

    මීට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ මාර්තු මාසය වන විට ඩොලර් මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ගෙවීමට බංග්ලාදේශයෙන් කල් ඉල්ලා සිටියේ, ඒ වන විට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂාවෙනි.

    කෙසේ වෙතත්, මතුවූ තත්ත්වයං හේතුවෙන් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවිණි.

    දැන්, ශ්‍රී ලංකාව තවත් මාස හයක දීර්ඝ කිරීමක් අපේක්ෂා කරන බවත් එහි පළමු වාරිකය මේ වසරේ අගෝස්තු මාසය වන විටත් තවත් වාරිකයක් සැප්තැම්බර් මාසය වන විටත් ලබා දෙන බවත් පැවසූ බව බංග්ලාදේශ බැංකු අධිපති පැවසීය.

    බංගලාදේශ මහබැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

    එය තවදුරටත් දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, සිකුරාදා වොෂින්ටනයේ පැවති ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) 2023 වසන්ත රැස්වීමේදී තහවුරු කළ බව තලුක්දර් පැවසීය.

    ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ වුවද එය නොමිලේ සහන කාලයක් නොවේ.

    ඊට තවත් පොලියක් එකතු වනු ඇති බව ද ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img