තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 3කට නායයාමේ අවදානමක්

    දිස්ත්‍රික් 3කට නායයාමේ අවදානමක්

    ඉදිරි පැය 24 තුළදී දිස්ත්‍රික් 3කට නායයාමේ, පස්කඳු කඩාවැටීමේ සහ ගල් පෙරළීමේ අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට මෙලෙස නායයාමේ අවදානමක් ඇති බවයි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල සහ ගලිගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ යන ප්‍රදේශවල මෙම අවදානම ඇති බැවින් වැසි සහිත අවස්ථාවලදී අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img