තවත්
    මුල් පිටුවspecialනොගෙවන අයට Twitter නිල් සලකුණ ඉවත් කිරීම ඇරඹෙයි

    නොගෙවන අයට Twitter නිල් සලකුණ ඉවත් කිරීම ඇරඹෙයි

    ට්විටර් සමාජ ජාලයේ පෞද්ගලික ගිණුම් සඳහා නිල් සත්‍යාපන සලකුණ (Blue Verified badge) ඉදිරියටත් තබාගැනීම සඳහා සිය සාමාජිකයින්ට වියදම් නොකරන බව ධවල මන්දිරය සිය කාර්ය මණ්ඩලයට විද්‍යුත් තැපෑලක් හරහා දන්වා තිබේ.

    ධවල මන්දිරය සිය සාමාජිකයන්ට තවදුරටත් අවධාරණය කර ඇත්තේ පෞද්ගලික ගිණුම්වලට ඇති ට්විටර් නිල් සලකුණ මන්දිරයේ සේවා වෙත දායක නොවන බව ය.

    මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යයේ ප්‍රධාන ට්විටර් ගිණුමට ඉරිදා එහි නිල් සත්‍යාපන පිරික්සුම් සලකුණ අහිමි වූ බවක් පෙනෙන්නට තිබුණි.

    ප්‍රකෝටිපති ට්විටර් හි හිමිකරු එලෝන් මස්ක් සෙනසුරාදා ප්‍රකාශ කර තිබුණේ මෙම සත්‍යාපනය සඳහා ගෙවන්නට කී මුදල නොගෙවන්නේ නම් එම සලකුණ ඉවත් කරන බවය.

    මෙම තර්ජනයෙන් පසු, නිල් සංකේතය දැනට අවලංගු කර ඇති ඉහළ පෙළේ ට්විටර් ගිණුම නිව්යෝක් ටයිම්ස් ගිණුම පමණක් වන අතර ලෝක ප්‍රකට මාධ්‍ය ජාලා කිහිපයක්, ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් ගණනාවක් ද මෙම නිල් සලකුණ සඳහා ගෙවීමට සූදානම් නැති බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

    ට්විටර් සමාගමේ Twitter Blue දායකත්ව සේවාව සඳහා මීට පෙර නොමිලේ දුන් සේවාව ඉදිරියේදී මිලක් අයකරමින් ක්‍රියාත්මක කිරීමට නව හිමිකරු සිය සමාගමට නියෝග කර තිබුණි.

    Twitter හි නිල් සත්‍යාපිත ලාංඡනය (Blue Verified badge) කිසියම් මහජන උනන්දුවක් දක්වන, ප්‍රසිද්ධ ආයතනයක හෝ පුද්ගලයකුගේ ගිණුමක්, සත්‍ය ගිණුමක් බව මිනිසුන්ට හඳුනාගැනීමට සලස්වයි.

    නිව්යෝර්ක් ටයිම්ස් වෙත නිල් සලකුණ අහිමි වී ඇති අයුරු.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img