fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රක්ෂණ ලොක්කෙක් අත්අඩංගුවට

    රක්ෂණ ලොක්කෙක් අත්අඩංගුවට

    රක්ෂණ ආයතනයක පුත්තලම කාර්යාලයේ සේවයේ නිරත සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවීමක් සම්බන්ධයෙන් ලද පැමිණිලි රැසක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරමින් පුත්තලම ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශය විසින් කළ විමර්ශනයකින් අනතුරුව එම රක්ෂණ කාර්යාලයේ කළමනාකරුත් ඔහුගේ සහයකයාත් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලමේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 35ත් 45ත් අතර පසුවන්නන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම රක්ෂණ ආයතනයේ සේවයේ නිරත සේවිකාවන් රැසකට මෙම කළමනාකරුගෙන් සහ සහයකගෙන් දිගින් දිගටම ලිංගික අතවර සිදුවී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ලිපි ගොනු පරීක්ෂා කිරීමට යැයි කියා කිය කාර්යාල කාමරයට සේවිකාවන් ගෙන්වගෙන ඔවුන් සිය ළගට කැදවමින් ලිපි ගොනුවල ඇති විවිධ කරුණු ගැන අසමින් සේවිකාවන්ගේ ඇඟ පසක අතගාමින් ලිංගික අතවර කර ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

    මේ සම්බන්ධයෙන් එම රක්ෂණ කාර්යාලයේ සේවයේ නිරත සේවිකාවන් විසින් නිර්නාමිකව ඉදිරිපත්කළ පෙත්සම් කිහිපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් විමර්ශන ආරම්භ කළ බවත් එහිදී සේවිකාවන් තිදෙනෙක් කළමනාකරු සහ ඔහුගේ සහයකයා තමන්ට ලිංගික හිරිහැර කළ බව පැමිණිලි කිරීමට ඉදිරිපත් වූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ්‍

    ඒ අනුව මෙම රක්ෂණ කළමනාකරුත් ඔහුගේ සහයකයාත් අත්අඩංගුවටගත් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක ශරීරඇප මත මුදාහැර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.