තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ගාස්තුත් අඩුවෙයි

    ටැක්සි ගාස්තුත් අඩුවෙයි

    ත්‍රීරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 20කින් අඩු කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

    රජය විසින් ඉන්ධන මිල පහල දැමීමට ප්‍රතිචාර දක්වමින්⁣ මෙම තීරණය ගත් බව එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සඳහන් කළේ ය.

    මේවනවිට ත්‍රිරෝද රථ සදහා දෙවැනි කිලෝමීටරය රුපියල් 80කට ධාවනය කිරීමට අදාළ වෙනස් කිරීම් වහාම සිදුකරගන්නා ලෙස ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් දෙන බවද ඔහු පැවසීය. 

    හිතුමතේ ගාස්තු අයකරන ත්‍රීරෝද රථ නියාමනය සඳහා රජය වහාම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවද සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img