තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් බෙදන්න බාධා කළ සේවකයන්ට අනිවාර්ය නිවාඩු -සංස්ථා පරිශ්‍රත් තහනම්

    තෙල් බෙදන්න බාධා කළ සේවකයන්ට අනිවාර්ය නිවාඩු -සංස්ථා පරිශ්‍රත් තහනම්

    ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ සහ එම රාජකාරියේ යෙදුණු සේවකයින්ට බලපෑම් කළ වෘත්තීය සමිති නායකයින්, සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ලංකා ඛනිජ තෙල් සංස්ථා කළමනාකාරීත්වය තීරණය කරයි.

    ඒ අනුව, ඔවුන්ට මේ මොහොතේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප වනු ඇත.

    අනෙක් සියලුම නිලධාරීන් සේවයට වාර්තාකර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස ඊයේ කළමනාකාරිත්වය සේවකයන්ට දැනුම් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img