තවත්

    කිරි තේ මිල පහළට

    හෙට (27) සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කෙරේ.

    කිරිපිටි මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබාදීම සඳහා එම සහනය ලබා දුන් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය මේ බව පැවසීය.

    ඒ අනුව මෙතෙක් රුපියල් 100ට පැවති කිරි තේ කෝප්පයක් හෙට සිට රුපියල් 10ක් අඩුවෙන් පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

    හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් අඩුවේ.

    එමෙන්ම ග්‍රෑම් 400ක මිල රුපියල් 80කින් අඩුවන බව කිරිපිටි ආනයනකරුවෝ පසුගිය දා පැවසූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img