තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාසල් සිසුන් කාගෙවත් ප්‍රාණ ඇපකරුවන් කරගන්න ඉඩදෙන්නෙ නෑ" -ජනපති (🎥)

    “පාසල් සිසුන් කාගෙවත් ප්‍රාණ ඇපකරුවන් කරගන්න ඉඩදෙන්නෙ නෑ” -ජනපති (🎥)

    මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසි සේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගැටලු කඩිනමින් නිරාකරණය කර නොගතහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

    පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ නොවුන හොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසුවේ අද (23) පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් හා පාසල් සිසු දරුවන්ට නොමිළයේ පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවය අමතමිනි.

    අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ මෙම උත්සවයේදී ජනාධිපතිවරයා විසින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, සිල් මාතාවන් සහ සිසු දරුවන් 40 දෙනෙකු සඳහා සංකේතවත්ව පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි ප්‍රදානය කිරීම සිදු කරන ලදී.

    2023 වසරට අදාළ පාසැල් නිල ඇඳුම්වලින් 70%ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති අතර ඒ සියල්ල මේ වන විට දිවයින් පුරා බෙදා දී අවසන්ය.

    දේශීය ව්‍යාපාරිකයන් විසින් ඉතිරි නිල ඇඳුම් සපයනු ලබයි. ඉන්දියානු ණය ආධාර යටතේ අමුද්‍රව්‍ය ලබා ගනිමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හා දේශීය සැපයුම්කරුවන් මඟින් මුද්‍රණය කරන ලද පාසල් පෙළ පොත් දීප ව්‍යාප්තව බෙදා හැරීමේ කටයුතු මීට පෙර ආරම්භ කර තිබූ අතර එය නිල වශයෙන් බෙදා දීම ද මෙහිදී සිදු කෙරිණ.

    රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන් සහ පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සඳහා මෙම නිල ඇඳුම් සහ පෙළ පොත් ‍ප්‍රදානය කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img