තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇල්ලවල ඇල්ලට තවත් 4ක් බිලි

    ඇල්ලවල ඇල්ලට තවත් 4ක් බිලි

    වැල්ලවායේ පිහිටි ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙක් දියේ ගිලී අද අතුරුදන්ව ඇත.

    කල්මුණේ සහ සයින්දමරුදු සිට විනෝද චාරිකාවක් පැමිණි තරුණයින් 10 දෙනෙකුගේ කණ්ඩායමක් ඇල්ලේ දිය නාමින් සිටියදී ඒ අයගෙන් සිව් දෙනෙක් මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය කියයි. ඔවුන් වයස අවුරුදු විසි දෙකත් විසි තුනත් අතර පසුවන්නන්ය.

    සංචාරකයන්ගේ වඩාත් ආකාර්ශනයට ලක්ව ඇති ස්ථානයක් වන මෙම ඇල්ලට බිලිවී අසාමාන්‍ය ලෙස ජීවිත රැසක් මේ වන විට නැති වී තිබෙන බව පොලීසිය කියයි.

    2022 වසරේ මාර්තු 03 වෙනිදා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඇල්ල පිහිටි ප්‍රදේශය සංචාරකයන්ද තහනම් කලාපයක් බවටද පත්කරනු ලැබීය. ඒ ඒ වන විට මාස 05ක් ඇතුලත 09 දෙනෙකු මෙම ඇල්ලේ දිය නෑමට පැමිණ දියේ ගිලී මියගොස් ඇති බැවිනි.

    නැවතත් සංචාරකයන්ට මෙම ඇල්ල විවෘත කෙරෙන්නේ 2022 සැත්තැම්බර් 06 වෙනිදාය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img