තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අපේ රට තවදුරටත් බංකොළොත් නෑ - ගිවිසුම හෙට මැතිසබයට(📹)

    අපේ රට තවදුරටත් බංකොළොත් නෑ – ගිවිසුම හෙට මැතිසබයට(📹)

    ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් සිටි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම නිසා තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කරමින් සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ජාතිය අමතා සිය විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

    පළමු වටයට අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ පළමු වටයට ඇතුළත් වන බව ජනාධිපතිවරයා කියයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ(IMF) විස්තීරණ ණය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img