ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද විස්තීරණය ණය පහසුකමේ මුල් වාරික මුදල ඉදිරි පැය කිහිපයක තුළ ලැබෙනු ඇති බව රජය පවසයි.
මේ වනවිට පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව පැවසීය.
මෙම ණය පහසුකම ලබාගැනීමට අදාළ කොන්දේසි, අන්තර්ගතය ආදිය පිළිබඳ මතුවී ඇති ප්‍රශ්න පිළිිබද අද දිනය තුළ වුවද පැහැදිලි කිරීම් ලැබෙනු ඇතැයි ද ඔහු කියා සිටී.
“විශේෂයෙන්ම ඊයේ දිනය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත්ත තීන්දුවත් එක්ක ඩොලර් බිලියන 2.9 ක් අවුරුදු හතරක දී ලැබෙන්නට නියමිතව තිබෙනවා. ඒක අනුමත කරලා එහි පලවෙනි කොටස, මං හිතන්නේ ඊලඟ පැය කිහිපය තුළ ලැබෙන්නට පුළුවන්. මේවා ලැබෙන්නේ සංචිත ශක්තිමත් කරගන්න. හැබැයි ඒ අතරතුර මහබැංකුව සහ රජය ගත්ත යම් ප්‍රතිපත්තිමය තීරණ නිසා අපට පුළුවන් වුණා, මං හිතන්නේ දැන් සති දෙකකට කලින්, එක පාරම ඩොලර් මිලියන 500 ක් විතර රට තුළ ඉඳලා බැංකුවලට ආවා. කොහෙද මේ සල්ලි තිබ්බේ? මිලියන 500ක්. අපට IMF එකෙන් පලවෙනි කොටස ලැබෙන්නේ ඩොලර් මිලියන 333යි. මේක? කොහොමහරි රට තුළ සංසරණය වෙච්ච මුදල් ප්‍රමාණයක් ආවා… ඉතින් ඒක ආර්ථික විද්‍යා න්‍යායන් තුළ රටක ආර්ථිකය කොහොමද ශක්තිමත් කර ගන්නේ කියන වැඩපිළිවෙළ තුළ වෙන දෙයක්.” යැයිද සභානායකවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ ය.