ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද(20) සහභාගීවී තිබේ.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී අද පස්වරුවේදී පැවැත්විණි.
මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට පත්ව ඇති අසීරුතාවය, ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී තිබේ.