තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණි සරසවියේ ගුටිකෙළියක්

    කැලණි සරසවියේ ගුටිකෙළියක්

    කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වලට නිලධාරීන් පත්කර ගැනීමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මුල්කරගෙන සිසුන් පිරිසක් විසින් එක් සිසුවෙකුට පහරදී ඇතැයි කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ තාක්ෂ පීඨයේ තෙවැනි වසරේ සිසුවෙක් විසින් කිරිබත්ගොඩ පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

    එම සිසුවා පවසා ඇත්තේ පසුගිය 18 වෙනිදා ශිෂ්‍ය සංගම්වල නිලධාරින් පත්කර ගන්නා අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් මුල්කරගෙන විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තෙවැනි වසරේ සිසුන් තිදෙනෙක් සහ පිටස්තර පුද්ගලයෙක් විසින් තමන්ට පහරදුන් බවය.

    මෙම පහරදීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව කිරිබත්ගොඩ පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img