අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කාතන්කුඩි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට පොරොවකින් පහරදුන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකුව අත්බෝම්බයක්ද සමඟ කාතන්කුඩි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරියම්පති සෙල්වනගර් හී පදිංචිකරුවෙක් වන ශිවසුන්දරම් ශිවකීර්ති (47) නැමැති සැකකරුවය.
මෙම සැකකරු හැද සිටි කලිසම් සාක්කුවේ තිබී අත්බෝම්බය සොයාගත් බව පොලීසිය කියයි.
මෙම පුද්ගලයා විසින් සිය බිරිඳට අමානුෂික ලෙස පහරදෙන බවට ලද පැමිණිල්ලකට අනුව පොලීසිය ඒ ගැන සොයා බැලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට ඔහු පහරදී තිබේ.
පොරෝ පහරකෑ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.s