තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්18 වංගුව පාර ඇරේ - වැස්සෙ යද්දී ප්‍රවේශමෙන්..!

    18 වංගුව පාර ඇරේ – වැස්සෙ යද්දී ප්‍රවේශමෙන්..!

    නායයාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගු කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කර තිබේ.

    අධික වැසි හේතුවෙන් එම මාර්ගයේ දෙවැනි වංගුව අසල පස් කදු කඩා වැටීමක් ඊයේ (19) සිදුව ඇති අතර එම ප්‍රදේශයේ 14 වන වංගුව අසල නාය යාමක්ද ඉකුත්දා සිදුවිය.

    ‍මේ හේතුවෙන් මහනුවර මහියංගණ මාර්ගයේ අවහිර වී ඇති කොටසේ එක් තීරුවක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වසා දමා තිබිණි.

    මේ අතර මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කළ ස්ථානීය නිරීක්ෂණය අනුව එම මාර්ගය මේ වන විට දැඩි අවදානම් නොවන නිසා වාහන ගමනාගමනය වෙනුවෙන් යළි විවෘත කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා පැවසීය.

    නමුත් අධික වැසි අවස්ථාවලදී එම මාර්ගයේ තවදුරටත් පස් කදු කඩා වැටමේ අවදානමට ලක්විය හැකි බැවින් රියදුරන් පරීක්ෂාකාරී විය යුතු යැයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img