තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔළුව උස්සනවද? තව වැටෙනවද? -ශ්‍රී ලංකාව ගැන IMF තීරණාත්මක හමුව අද

    ඔළුව උස්සනවද? තව වැටෙනවද? -ශ්‍රී ලංකාව ගැන IMF තීරණාත්මක හමුව අද

    ශ්‍රී ලංකාව විසින් ඉල්ලුම් කරන ලද අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමේ තීරණය ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය අද රැස්වෙයි.

    තවද, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් සහ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි විසින් හෙට, (මාර්තු 21) දින රැස්වීමේ ප්‍රතිඵලය පිළිබඳව දැනුවත් කරනු ඇතැයි ද වාර්තා වේ.

    ණය පහසුකම ලබාගැනීම සඳහා, ණය හිමියන්ගෙන් සහතික ලබාගැනීම ඇතුළු සියලු පූර්ව කොන්දේසි සපුරාලී‍මත් සමඟ මේ පිළිබඳ අවසන් තීරණය ගැනීම වෙනුවෙන් IMF විධායක මණ්ඩලය අද රැස්වන බවට පසුගියදා එම ආයතනය විසින් නිවේදනය කර තිබුණි.

    මෙම ණය පහසුකම අනුමත කළහොත් වාරික වශයෙන් වසර 4ක් තුළදී සම්පූර්ණ ණය පහසුකම මෙරටට ලැබෙන ලැබීමට නියමිතය.

    මුල් වාරිකය ලෙස ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනු ඇත.

    මෙම අනුමැතිය ලැබීමත් සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා තවත් අරමුදල් මාර්ග විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ ඔස්සේ රටේ පවතින ඩොලර් අර්බුදයෙන් මිදීමේ අවස්ථාව ලැබෙනු ඇති බව මෙරට බලධාරීන් පවසා තිබුණි.

    මෙරට පවතින උග්‍ර ඩොලර් අර්බුදය හමුවේ ණය ගෙවීම අත්හිටුවා ඇති තත්ත්වයකදී මෙම ණය පහසුකම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරට සම්බන්ධව නිකුත් කරන ඇපකරයක් හා සමාන ය.

    අදාළ ණය පහසුකම IMF විසින් අනුමත කළහොත් මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ 17 වැනි වැඩසටහන වනු ඇත.

    මෙම පියවරෙන් පසුව වසර 10 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට සිය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට සිදුවේ.

    එබැවින් අපේක්ෂිත IMF ණය ඇපකරය මෙරට ආර්ථික ප්‍රකෘතිය සඳහා දිගු මාවතක අත්‍යවශ්‍ය මුල් පියවරක් ලෙස සැලකේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img