fbpx
තවත්
    මුල් පිටුවspecialෆේස්බුක්හි තවත් 10,000කට රැකියා අහිමි වෙයි

    ෆේස්බුක්හි තවත් 10,000කට රැකියා අහිමි වෙයි

    ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරන මෙටා සමාගම විසින් රැකියා දස දහසක් කපා හරින බව නිවේදනය කර තිබේ.

    මෙටා සමාගම මෙම නිවේදනය කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී සේවකයින් එකලොස් දහසක් සේවයෙන් ඉවත් කිරීමෙන් පසුවයි.

    ඒ අනුව මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කප්පාදු කිරීම් දැඩි තීරණයක් වනු ඇති බවත් එය මෙටා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ කොටසක් බවත්ය.

    මේ අතර මෙලෙස අහිමි වන රැකියා දස දහසට අමතරව, සමාගමේ විවෘත පුරප්පාඩුව පවතින රැකියා පන්දහසක්ටද සේවකයින් බඳවා ගැනීමෙන් වැලකීමට පියවරගෙන ඇති බවට වාර්තාවේ.

    “අපගේ තාක්ෂණික කණ්ඩායම්වල ප්‍රතිව්‍යුහගත කිරීම් සහ සේවකයින් සේවයෙන් ඉවත් කිරීම 2023 අප්‍රේල් අගදීත්, පසුව අපගේ ව්‍යාපාරික කණ්ඩායම් 2023 මැයි මස අගදීත් නිවේදනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.″ යනුවෙන්ද සකර්බර්ග නවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

    මීට අමතරව පසුගිය කාලයේදී ගූගල්, ඇමසන් ඇතුළු තාක්ෂණික සමාගම් කීපයක්ම සේවකයින් ඉවත් කිරීමට පියවර ගත් අතර ඒත් සමඟ තාක්ෂණික විශේෂඥයින් ලෙස කටයුතු කළ විශාල පිරිසක් රැකියා විරහිත භාවයට පත්ව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.