ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ මූල්‍ය පහසුකම සම්බන්ධව සියලු පාර්ශ්ව අතර සුභවාදී අදහසක් පවතින බව රජය වෙත අවධාරණය වී තිබේ.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (02) රාත්‍රියේ පැවති Zoom සාකච්ඡාවේදී ය.
පසුගියදා චීන අග්‍රමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරිය ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාවට එක්වීම විශේෂත්වයකි.
එමෙන්ම “බ්ලූම්බර්ග්” පුවත් සේවය පසුගියදා වාර්තා කර තිබුණේ ණය අර්බුදයට ලක්ව ඇති රාජ්‍යයන් වෙත අර්ථවත් අන්දමින් දායක වීම සඳහා බහුපාර්ශ්වික ප්‍රයත්නයන්ට සහභාගී වීමට චීනය විවෘතව සිටින බව චීන අග්‍රාමාත්‍ය ලී ක චිය්‍යන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට පවසා තිබෙන බවයි.
එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි ණය බරින් පීඩිත රටවලට ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීමට අවශ්‍ය කටයුතු සලසන බවය.