තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසක මිලියන ගණනක සොරකමක්

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිවසක මිලියන ගණනක සොරකමක්

    විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයෙකු පදිංචිව සිටින බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි නිවසකින් තිබුණු රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ තොගයක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම සොරකම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා විසින් නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර ඇත්තේ ඊයේය. එම පැමිණිල්ලට අනුව නිවසේ කුඩා කබට්ටුවක තිබුණු රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක මුදලක්, ඕස්ට්‍රේලියානු ඩොලර් 3,300ක්, රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ තොගයක් අතුරුදන්ව ඇත.

    මෙම රන් භාණ්ඩ සහ මුදල් තොගය පසුගිය පෙබරවාරි 06 වෙනිදා එම කබට්ටුවේ තිබී ඇති අතර එය අතුරුදන්ව ඇතැයි වෛද්‍යවරයා දැක ඇත්තේ පෙබරවාරි 11 වෙනිදාය.

    මෙම රන් භාණ්ඩ සහ මුදල් සොරකම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා සහ පවුලේ සාමාජිකයන් සැකකරනුයේ නිවසේ මෙහෙකාරියව බව පොලිසිය කියයි. මෙම භාණ්ඩ අතුරුදන් වීම ගැන විශේෂ වෛද්‍යවරයා ඇතුළු නිවැසියන් දිගින් දිගටම කරුණු විමසා ඇතත් ඇය පවසා ඇත්තේ තමන්ගේ සම්බන්ධයක් ඊට නොමැති බවය. මේ ගැන පොලීසියට පැමිණිලිකර ඇත්තේ මුළු නිවසම අස්සක් මුල්ලක් නෑ සොයා බැලීමෙන් අනතුරුව බව වෛද්‍යවරයා පොලීසියට කියා ඇත.

    පොලීසියට මේ ගැන පැමිණිල්ල කරන විට නිවසේ සේවිකාව ඇගේ නිවසට යැවීමට විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු නිවැසියන් පියවර ගෙන තිබේ. ඇය මාවනැල්ලේ පදිංචිකාරියක් බව පොලීසිය කියයි. ඇයව නිවසට යවා ඇත්තේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගෙන පැමිණෙන ලෙස දැනුම්දී බවද විශේෂඥ වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත. ඇය යන විට ඇගේ ගමන් මළු පරීක්ෂා කර ඇතත් එහිද නිවසින් අතුරුදන් වූ කිසිදු රන් භාණ්ඩයක් හෝ මුදලක් තිබී නැත.

    පොලීසිය පවසනුයේ මෙම රන් භාණ්ඩ සහ මුදල් මෙම විශේෂඥ වෛද්‍යවරයා විසින් කබට්ටුවේ දමා ඇත්තේ එකවරම එය විවෘතකල විට එහි ඇති රන් භාණ්ඩ සහ මුදල් නොපෙනෙන ලෙස බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img