මෙරට ශ්‍රමිකයින්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය සිය එකඟතාවය පළ කර ඇත.
ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ නිලධාරීන් සමග පසුගිය දා පැවති (01) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දීය.
මේ සඳහා මිනිස් ජාවාරම් වැළැක්වීමේ උපක්‍රමයක් ලෙස භාවිතාකරන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ගේ ජෛවමිතික තොරතුරු (Bio Metrix) ඇතුළත් කිරීමටයි අපේක්ෂිතය.
මේ හරහා විදෙස් රැකියා මුවාවෙන් කරගෙන යන්නා වූ මිනිස් ජාවාරමට වැට බැඳීමට අපේක්ෂා කෙරේ.
එමගින් ශ්‍රමිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිමට උරදෙන විගමනික ශ්‍රමිකයාගේ ආරක්ෂාව තවත් පියවරකින් ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසේ.