තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විනිසුරු නිවසේ ආරක්ෂක පී.සී. කුඩුත් එක්ක අල්ලයි

    විනිසුරු නිවසේ ආරක්ෂක පී.සී. කුඩුත් එක්ක අල්ලයි

    මහේස්ත්‍රාත්වරයෙකුගේ නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටින ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකුව හොරොයින් මිලිග්‍රෑම් 405ක් සමඟ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් සේවයට එක්ව තවමත් වසරක කාලයක් සම්පූර්ණ වී නොමැති මෙම කොස්තාපල්වරයා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව විමර්ශන වලින් හෙළිවී ඇත.

    නිවිතිගල පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින මෙම නිලධාරියා පේමඩු , කරඹගොල්ලෑවේ පදිංචිකරුවෙකි. ඉකුත් 24 වෙනිදා ඔහු සිය උසස් නිලධාරීන්ගේ කිසිදු අවසරයක් නොමැතිව අනුරාධපුරයේ නිවසට පැමිණ අනුරාධපුර නගරයේ මාර්කට් පෙදෙසේදී ඊෂි කෑස් ක්‍රමයට මත්කුඩු රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img