තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුවියට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

    සිසුවියට අතවර කළ ගුරුවරයෙක් අත්අඩංගුවට

    සිසුවියකට ලිංගික අපයෝජනයක් කිරීමක් සම්බන්ධයෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික විද්‍යාලයක ගුරුවරයෙකුව ඇහැලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම අතවරය සිසුවියට කර ඇත්තේ 03 ශ්‍රේණිය පංතිභාර ගුරුවරයා විසින් බව ඇහැලියගොඩ පොලීසිය සඳහන් කරයි.

    ඇය මෙම ප්‍රාථමික පාසලේ ශිෂ්‍ය නායිකාවකි. මෙම සිසුවිය පසුගිය 27 වෙනිදා 03 ශ්‍රේණියේ පංතියේ උදෑසන ආගමික කටයුතු සිදුකරන විට රැදී සිට ඇති බව පොලීසිය කියයි. එහිදී සිසුන් පංසිල් සමාදන් වීමෙන් අනතුරුව භාවනාකරමින් සිටියදී ගුරුවරයා විසින් මෙම සිසුවියගේ පපු ප්‍රදේශය අතගා ඇති බව පොලීසිය කියයි.

    මෙම සිසුවියගේ මව පාසල් ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේද ඇහැලියගොඩ පාසලකය. 27 වෙනිදා මෙම දැරිවිය පාසල නිමවීමෙන් අනතුරුව නිවසට ගිය පසුව තමාට ගුරුවරයා විසින් කළ මේ ක්‍රියාව ගැන මවට පවසා ඇත. මව ඒ මොහොතේම මේ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දුරකතන ඇමතුමක් දෙමින් පැමිණිලිකිරීමට පියවර ගෙන තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකරිය විසින් මේ ගැන ඇහැලියගොඩ පොලීසිය දැනුවත් කර ඇත. ඒ අනුව ඇහැලියගොඩ පොලීසිය විමර්ශනයක් පවත්වා 46 හැවිරිදි ගුරුවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img