තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාවතගම රජයේ බැංකුවක් රෑ එළිවෙනකම් ඇරලා

    මාවතගම රජයේ බැංකුවක් රෑ එළිවෙනකම් ඇරලා

    මාවතගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක ආරක්ෂකයින්ට එහි දොරගුළු වසා ඉඹියතුරු දැමීමට ඊයේ (28) අතපසුවීමක් හේතුවෙන් අද (01) උදෑසන වන තුරුම එම බැංකුව තිබී ඇත්තේ අනාරක්ෂිතවය.

    මෙම බැංකුව ඉඹියතුරු දමා දොරගුළු වසා තබන විට එහි යතුර තැබෙන්නේ පොලිස් භාරයේය. මෙම බැංකුව වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියමිතව ඇති බැවින් මේ දිනවල එහි ලිපිගොනු සකස් කිරීමක් සිදුවන බැවින් කළමනාකාරු ඇතුළු කාර්ය මණ්ඩලය රාත්‍රී කාලය වන තුරුම බැංකුව තුළ රැදී සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    එබැවින් මෙම බැංකුවේ දොරගුළුවල යතුර බැංකු ආරක්ෂකයින් සුපුරුදු ලෙස ඊයේ (28) උදෑසන ලබාගැනීමෙන් අනතුරුව නැවත පොලිස් ස්ථානයට භාරදී ඇත්තේ රාත්‍රී 9.15ට පමණය. මෙසේ පොලීසියට යතුරු භාරදෙන්නේ සියළුම සේවකයින් බැංකුවෙන් පිටව යාමෙන් අනතුරුවය. අඩුම තරමින් මෙම බැංකුවේ ආරක්ෂකයින්වත් රාත්‍රියට එහි රැදී නොසිටින බව පොලීසිය කියයි.

    පසුගිය දිනවල ඒ.ටී.එම්. යන්ත්‍ර සොරුන්ගේ ග්‍රහනයට ලක්වූ බැවින් බැංකු ආශ්‍රිතව පොලීසියේ මුර සංචාර වැඩිකර තිබේ. ඒ අනුව මාවතගම පොලීසියද රාත්‍රී මුර සංචාරක සෝදිසිකිරීම්වලින් මාවතගම පිහිටි බැංකු පදිධතිය ආරක්ෂාකර ගැනීමේ වැඩසටහනක් දියත්කර තිබී ඇත.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අද (01) උදෑසන 7.15ට පමණ මාවතගම පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් යතුරුපැදියක නැගී බැංකු පරීක්ෂාකරමින් යන විට මෙම වාණීජ බැංකුවේ දොරට දමා ඇති ඉබ්බ ගලවා ඇති බව දැක තිබේ. ඒ ගැන පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීමට එම නිලධාරීන් දෙදෙනා පියවර ගෙන ඇත. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් බැංකුව අසලට පැමිණ ඇත්තේ බැංකුව සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි සැකකරමිනි. ඒ නිසාම පොලිස් ස්ථානාධිපතිවරයා මේ ගැන ඉහළ නිලධාරීන්ට මෙන්ම බැංකු කළමනාකරුටද දැනුම් දී ඔහුවද බැංකුව අසලට ගෙන්වාගෙන තිබේ.

    අනතුරුව කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ බැංකුව සොරුන්ගේ ග්‍රහණයට ලක්ව නොමැති බවත් පෙරදින රාත්‍රීයේ ආරක්ෂක නිලධාරියා විසින් දොරගුළු වසා දැමීමේදී ඔහුට සිදුවී ඇති අතපසුවීමක් හේතුවෙන් ඉබියතුරු දමා නොමැති බවත්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img