තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝටල්වලින් පිනට කන -වාහනේට නොමිලේ තෙල් ගහන පොලිස් OIC ගැන පරීක්ෂණයක්

    හෝටල්වලින් පිනට කන -වාහනේට නොමිලේ තෙල් ගහන පොලිස් OIC ගැන පරීක්ෂණයක්

    ව්‍යාපාරිකයන් හූරාගෙන කන කොළඹට නුදුරු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

    මෙම නිලධාරියා ඔහුගේ පුද්ගලික මෝටර් රථය ඉන්ධන පිරවුම්හල්වෙත රැගෙන ගොස් රුපියල් හය හත්දහසක ඉන්ධන නොමිලයේ පුරවාගන්නා බවද සඳහන්ය. ඒ හැරුණු කොට සංචාරක හෝටල්වලින් දෛනිකව කෑම පාර්සල්ද ගෙන්වාගන්නා මෙම ස්ථානාධිපතිවරයා තැබෑරුම්වලින් දෛනික විදෙස් මත්පැන් බෝතල් ගෙන්වාගන්නා බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    ඒ හැරුණු කොට මෙම නිලධාරියා ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් බලහත්කාරයෙන් ලබාගනිමින් සිටින්නේ යැයි කියවෙන්නේ පාතාල අපරාධකරුවෙකු ලෙසින් බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත්තේ ව්‍යාපාරිකයින් රැසක්ම ඉහළ පොලිස් නිලධාරියෙකුට කළ පැමිණිලි කිහිපයක් මුල්කරගෙනය.

    මෙම විමර්ශනය මුල්කරගෙන ඉදිරියේදී මෙම ස්ථානාධිපතිවරයාට ස්ථානමාරුවීමක් ලබාදී වැඩතහනම් කිරීමට නියමිතව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    photo – file photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img