පොලිස් ස්ථානයේ ගරාජයේ නතර කර තිබුණු ජා-ඇල පොලිස් ස්ථානාධිපතිවරයාගේ පරිහරණය සදහා වෙන්කර ඇති ජිප් රථයේ දොරවල්වල සහ බොනට්ටුව සූරා අසභ්‍ය වචන ගොන්නක්ම එහි ලියා තිබීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
WP CBM 1783 අංකය දරණ මෙම ජිප් රථයේ අසභ්‍ය වචන ලියා ඇත්තේ පොලීසියේම පිරිසක් විසින් බවට සැකයක් මතුවී ඇත.
මෙම රථය සේදීමට පොලිස් රියදුරා විසින් ඊයේ සූදානම් වූ අවස්ථාවේදී එහි අසභ්‍ය වචන ලියා ඇති බව දැක තිබේ. පොලිස් රියදුරා ඒ ගැන පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශනය ආරම්භ වී තිබේ.
photo – File photo