කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට යාබද වගුරු බිමක නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි සීදූව නගර සභාවේ සේවකයෙකුව සීදූව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීදූව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ සවස කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මූකලන්ගමුව නමින් හදුන්වන ප්‍රදේශයේදීය.
මෙහිදී ගෝඩා ඩ්‍රෑම්ස් 12,688ක් අඩංගු බැරල් 06ක්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.