තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිඩ්වයිෆ්ට බස් රථයේදී අතවර කළ OIC මගීන් අල්ලා පොලීසියට භාරදෙයි

    මිඩ්වයිෆ්ට බස් රථයේදී අතවර කළ OIC මගීන් අල්ලා පොලීසියට භාරදෙයි

    පුහුණුව ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවකට මගී බස් රථයක් තුළදී ලිංගික අතවර කළ දොඩංගොඩ පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාව බස් රථයේ සිටි මගීන් පිරිසක් විසින් අල්ලා අලුත්ගම පොලිස් ස්ථානයට භාරදී තිබේ.

    කටුකුරුන්ද ජාතික සෞඛ්‍ය විදයායතනයේ පුහුණුව ලබමින් සිටින දර්ගා නගරයේ පදිංචි 25 හැවිරිදි තරුණියකට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙසේ අතවරකර ඇත. මෙම තරුණිය ඒ වන විට බස් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිල ඇදුමින් සැරසීය.

    ඇය කටුකුරුන්ද බස් නැවතුම් පොලෙන් ගොඩවී ඇත්තේ අලුත්ගම බලා ධාවනය වෙමින් තිබුණු ලංගම බස් රථයකටය. ඒ දර්ගා නගරයේ පිහිටි නිවස බලා යාමේ සූදානමිනි.

    ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වන විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සිවිල් ඇදුමින් සැරසී බස් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ මෙම තරුණිය අසුන් ගෙන සිටි අසුනට පිටුපස අසුනේය. පොලිස් ස්ථානාධිපතිවරයා ඇයට ලිංගික අතවර කර ඇත්තේ පිටුපස සිට අසුන අස්සෙන් අත දමමිනි. ඇය පොලීසියට පවසා ඇත්තේ අගේ පපු ප්‍රදේශය පැත්තෙන් ඔහු අත ගෑ බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img