තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැබෑරුම් හිමිකරුවකු පිංවත්තේදී වෙඩි තබා ඝාතනය කෙරේ

    තැබෑරුම් හිමිකරුවකු පිංවත්තේදී වෙඩි තබා ඝාතනය කෙරේ

    සුඛෝපභෝගී ජිප් රථයකින් ගමන්කරමින් සිටි පානදුර , පිංවත්ත ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි තබා ඝාතනය කර ඇත.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇතිඅතර පසුව එම යතුරුපැදිය අතහැර දමා පළාගොස් තිබේ.

    මෙම ව්‍යාපාරිකයා සම්පත් කුඩාගොඩ නැමැති 56 හැවිරිදි වියේ පසුවන්නෙකි. කඩවත කිරිල්ලවල පදිංචිකරුවෙක් වන ඔහු මත්පැන් අලෙවි ස්ථාන කිහිපයක හිමිකරුවෙකි.

    පිංවත්තේ අවන්හලක් ඔහු විසින් ඉදිකරන බවත් එතැනට පැමිණ ගමන් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බවත් පොලීසිය කියයි. ව්‍යාපාරිකයා වෙඩි ප්‍රහාරය හමුවේ රියදුරු අසුනේම මියගොස් ඇත.

    මෙම වෙඩි තැබීම පානදුරේ ක්‍රියාත්මක පාතාල අපරාධකරුවෙකුට කප්පම් නොගෙවීම මත සිදුවූවක්ද එසේත් නොමැතිනම් පවුල් ආරවුලක් මත සිදුවූවක්ද යන්න ගැන පුළුල් විමර්ශනයක් සිදුවෙමින් පවතී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img