තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පියාට පහරදුන් පොලිස් පුතා අත්අඩංගුවට

    පියාට පහරදුන් පොලිස් පුතා අත්අඩංගුවට

    සිය පියාට දිගින් දිගටම පහර දෙමින් හිරිහැර කරන පොලිස් සැරයන්වරයෙකුව රත්නපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පියාට කරනු ලබන පහරදීම් ගැන ලද පැමිණිල්ලක් විභාග කිරීමට ගිය අවස්ථාවේදී මෙම සැරයන්වරයා පොලිස් නිලධාරියෙකුට කැත්තකින් කෙටීමද ඊයේ උත්සහා දරා තිබේ. පසුව රත්නපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මෙම සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩි පරීශ්‍රමයකින් අනතුරුවය.

    පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත එච්.එම්.එස්. එන්.කරුණාරත්න නැමැති මෙම සැරයන්වරයාට එරෙහිව පහරදීම් සම්බන්ධයෙන් පමණක් ඔහුගේ පියා සහ බාල සහෝදරයා විසින් පැමිණිලි 17ක් පමණ ඉදිරිපත්කර ඇති බව රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img