fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුද්ධි අංශයෙන් යැයි කියා පිනට බොන්න ගිය කොස්තාපල් කොටුවේ

    බුද්ධි අංශයෙන් යැයි කියා පිනට බොන්න ගිය කොස්තාපල් කොටුවේ

    මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බුද්ධි අංශයේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් සිය මිතුරෙක් සමඟ කන්දෙනුවර පිහිටි අවන්හලකට ගොස් එහි හිමිකරුව බිය ගන්වමින් නොමිලයේ මත්පැන් පානය කිරීමට උත්සහා දැරූ කඩුවෙල පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකුව ඔහුගේ මිතුරාද සමඟ කන්දෙනුවර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොස්තාපල්වරයා සිය මිතුරා සමඟ අවන්හලට ගොස් මුලින්ම තමන්ව හදුන්වාදී ඇත්තේ සී.අයි.ඩී. යෙන් යැයි කියාය. එහිදි අවහන්හල් සේවකයින් හෝටලයේ හිමිකරුට මේ බව දැනුම්දීමෙන් පසු ඔහු එතැනට පැමිණ කරුණු විමසීමේදී කොස්තාපල්වරයා පවසා ඇත්තේ තමන් මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බුද්ධි අංශයේ නිලධාරීන් බවය.

    මෙම නිලධාරියා එහිදී අවන්හල් හිමිකරුට පවසා ඇත්තේ අවන්හලට එරෙහිව පෙත්සම් 04ක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබී ඇති බවය. ඒ ගැන තොරතුරු සොයා බැලීමට තමන් පැමිණි බවද එහිදී පවසමින් විවිධ කරුණ කියමින් හෝටල් හිමියාව බිය ගන්වා තිබේ.

    මෙම නිලධාරියාගේ හැසිරීම ගැන සැකසිතූ අවන්හල්හිමිකරු මේ ගැන කන්දෙනුවර පොලිස් ස්ථානයට දැනුම්දුන් පසු පොලිස් කණ්ඩායමක් එහි පැමිණ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බුද්ධි අංශයේ සාමාජිකයන් නොවන බවය. කන්දෙනුවරම පදිංචිකරුවන් වන ඔවුන් මෙහි පැමිණ ඇත්තේ එහි හිමිකරුව මෙසේ බිය ගන්වා අවසානයේදී නොමිලයේ ඔහු මගින් මත්පැන් පානයකර යාමට බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.