තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කදුළු ගෑස් ප්‍රහාරයට හසුවී මියගියේ හිටපු පරිපාලන නිලධාරියෙක්

    කදුළු ගෑස් ප්‍රහාරයට හසුවී මියගියේ හිටපු පරිපාලන නිලධාරියෙක්

    ජාතික ජන බලවේගය කොළඹ පැවැත්වූ උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගැනීමෙන් පසු රෝහල්ගතව සිටියදී අද මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථවේ හිටපු පරිපාලන නිලධාරියෙකි.

    ජාතික ජන බලවේගවේ සමානුපාතිත ලැයිස්තු අපේක්ෂකයෙක් වූ නිමල් අමරසිංහ නැමැති අය මෙසේ මියගොස් ඇත.

    රත්නපුර දෑල දොඩම්ගම්මන පදිංචිකරුවෙන් වන ඔහු 64 වියැති අයෙකි. ඔහු මියගොස් ඇත්තේ අද සවස 2.30ට පමණ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

    පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඊයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී තෙරපීමට ලක්වූ අයත් ගල්මුල් ප්‍රහාරයන්ට ලක්වූ අයත් කඳුළු ගෑස් ප්‍රහාර හමුවේ සංකූලතා ඇතිවූ අයත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. එසේ 28 දෙනෙක් රෝහල්ගත කල අය අතර සිටි බවත් ඒ අතර නිමල් අමරසිරි මහතාද සිට ඇති බවත් රොහල් තොරතුරු සඳහන් කළේය.

    මරණයට නිෂ්චිත හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැත. ඔහු රෝහලට රැගෙන විත් ඇත්තේ කඳුළු ගෑස් දුම ආග්‍රාහනය වීම හේතුවෙන් ඊට ප්‍රතිකාර ගැනීමට බව කියැවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img